කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබඳ පිරිමි සිසුන්ගේ දෘෂ්ටිකෝණයන්

වසර ගණනාවක් පුරා, › ලංකාවේ කාන්තාවන් රාජ්‍ය-පෞද්ගලික භේදය තරණය කරමින් පොදු  ජීවිතයේ ක්ෂේත්‍ර කිහිපයක් හරහා ප්‍රගතීන් ලබා ඇත. කෙසේ වෙතත්, දේශපාලනය, කාන්තා  නියෝජනය සහ සහභාගීත්වය අතින් පසුගාමීත්වයක් දක්වන ක්ෂේත්‍ර කිහිපයෙන් එකක් ලෙස තවමත්  පවතිනු දැකිය හැක. රට තුළ ප්‍රමුඛ පෙළේ කාන්තා දේශපාලනඥයන් කිහිප දෙනෙකු දැකිය හැකි  වුවත්, ආණ්ඩුකරණය/පාලනය හා අදාළ ස්ත්‍රී පුරුෂ පරතරය ඉතා පුළුල්ව පවතී.

ඇත්ත වශයෙන් ම අද වන විට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් පමණක් වන අතර 1977  සිට මෙම කොටස 6.5% ඉක්මවා නැත. මෙම කාන්තා නියෝජනය නොමැතිකම ගැටලුවක් වන්නේ ස්ත්‍රී  පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතා නිසා පමණක් නොව එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්  කරන නිසාත් යහපාලනයට බලපෑම් සිදු කරන නිසාත් ය.

එසේ නම්, › ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මෙතරම් අඩු ඇයි? කාන්තාවන්  දේශපාලනයට පිවිසීම වළක්වන බාධක කිහිපයක් ඇත, නමුත් වඩාත් වැදගත් ව්‍යුහාත්මක බාධාවක්  වන්නේ පක්ෂ දේශපාලනය zපිරිමි සමාජයක්Z ලෙස පැවතීමයි. සාමාන්‍යයෙන් කාන්තාවකට වඩා පිරිමි  දේශපාලනඥයෙකු පක්ෂය නියෝජනය කිරීමට තෝරා ගැනීමේ සම්භාවිතාව වැඩි බැවින්, කාන්තාවන්ට  පක්ෂය තුළ ඉහළ තලයන්ට ගමන් කිරීමට එමඟින් දුෂ්කර වේ. කාන්තාවන් දේශපාලනයට පැමිŒම  වළක්වන එක ම සාධකය මෙය නොවන නමුත්, අනෙකුත් බොහෝ බාධාවන් ඇති කරවන ප්‍රධාන  ව්‍යුහාත්මක බාධකය පිරිමි ආධිපත්‍යය වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ කාන්තා නායකත්වයේ වැදගත්කම පිළිබඳව රටේ අනාගත තරුණ නායකයින්  දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය :ක‍ැබඑරු දෙරූුම්කසඑහ්බා න‍මිඑසජැජ් ක‍ෑන‍-විසින් zප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යයz නමින්  පාඨමාලාවක් පවත්වන ලද අතර එA සඳහා රට පුරා විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වය අපේක්ෂා  කෙරි‚. අනෙකුත් මාතෘකා හා සමගාමී ව, මෙම පාඨමාලාව තුළින් දේශපාලනයේ කාන්තා  සහභාගීත්වයේ වැදගත්කම සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කළ හැකි දේ  පිළිබඳව අවධානය යොමු කරන ලදී.

පාඨමාලාව අවසන් වී මාස කිහිපයකට පසු, ක‍ෑන‍විසින් සමහර පිරිමි සහභාගිවන්නන් හා සම්බන්ධ වී,  අනාගත තරුණ නායකයින් ලෙස කාන්තාවන්ගේ සහභාගීත්වය පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටිකෝණයන්  අවබෝධ කර ගැනීම සඳහා සංවාදයක නිරත විය. පාඨමාලාවෙන් ඔවුන් ඉගෙනගත් දේ සහ ඔවුන්  නිර්දේශ කරන්නේ කුමන විසඳුම් ද යන්න ඔවුන්ගෙන් විමසන ලදී.

කාන්තා දේශපාලන සහභාගීත්වයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔවුන් ඉගෙන ගත් දේ ගැන කතා  කිරීමේ දී, › ලංකාවේ පරම්පරාවාදී/පවුල්වාදී දේශපාලනයේ පැවැත්ම සහ පවුල් සබඳතා හරහා

දේශපාලනයට පිවිසි කාන්තා දේශපාලනඥයින් කොපමණ සංඛ්‍යාවක් සිටී ද යන්න පිළිබඳව සිසුන්  කිහිප දෙනෙකු කරුණු දැක්වූහ. කොළඹ විශ්ව විද්‍යාලයේ :ඹදක‍එක් ශිෂ්‍යයෙක් පැවසුවේ, — පාඨමාලාවෙන් පසුව, මට මේ ගැන වැඩිදුර ඉගෙනීමට ආශාවක් ඇති වුණා. මගේ අධ්‍යයනයන්ට අනුව  දැනට පාර්ලිමේන්තුවේ කාන්තාවන් 9 ක් හෝ 10 ක් පමණ සිටින අතර, එක් අයෙකු හෝ දෙදෙනෙකු  හැර, ඔවුන් සියල්ලන්ට ම අතීත හෝ වත්මන් පිරිමි දේශපාලනඥයෙකු සමඟ යම් සම්බන්ධයක්  තිඛෙනවා. එවැනි සබඳතා නොමැති කාන්තාවන්ට හොඳ දේශපාලඥයන් වීමට සුදුසුකම් තිබුණත්  ඔවුන්ට මෙයට ඇතුළු වීමට හැකියාවක් නැහැ.— මෙය සැමවිට ම සිදු නොවූවත්, › ලංකාවේ බොහෝ  කාන්තා දේශපාලනඥයන් ලාංකීය දේශපාලනයට අවතීර්ණ වී ඇත්තේ මෙලෙස යි.

පේරාදෙ‚ය විශ්වවිද්‍යාලයේ :ඹදඡ- සිසුවෙක් පාර්ලිමේන්තුවේ සැලකිය යුතු කාන්තා නියෝජනයක්  නොමැතිකම ගැන කතා කරමින් කියා සිටියේ මෙයට හේතුව ඔවුන ්ගේ පිරිමි සගයන් හා සමානව ම  කාන්තා දේශපාලනඥයන්ට ද දේශපාලනය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොතිබීම බවයි. › ලංකා  අග්නිදිග විශ්ව විද්‍යාලයේ:ීෑඹ- සිසුවෙක් ද එවැනි ම අදහසක් ඛෙදා ගනිමින් පවසා සිටියේ, —මම  හිතන්නේ කාන්තාවන් බලයේ සිටින විට පමණක් කාන්තා ප්‍රශ්න පිළිබඳ නිසි ලෙස කටයුතු කළ හැකි  බවයි. නමුත් මේ සඳහා අපට බලයේ සිටීමට නිසි අධ්‍යාපනයක් ඇති කාන්තාවන් අවශ්‍යයි.˜ අධ්‍යාපනය  යනු › ලංකාවේ දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය නිර්ණායකයන් හි කොටසක් නොවන බැවින්  මෙම නිර්දේශය පාලක මණ්ඩලයේ සිටින සියලූ දේශපාලනඥයන්ට අදාළ වේ.

කාන්තාවන්ට දේශපාලන කවයේ අසුන් ගැනීමට ඉඩක් හෝ ප්‍රවේශය නොමැතිකම පිළිබඳ සාකච්ඡා  කරන විට,ීෑඹ හි ශිෂ්‍යයෙකු පවසා සිටියේ මෙම ගැටලූව ආරම්භ වන්නේ විශ්ව විද්‍යාල මට්ටමින්  බවයි. —විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකත්ව කටයුතුවලට සම්බන්ධ වෙන්න මගේ සහෝදරිය ගොඩක්  ආසාවෙන් හිටපු නිසා ඇය ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වුණා. වැඩි කල් යන්න කලින් ඇයට පිරිමි  ළමයින්ගෙන් කරදරකාරී දුරකථන ඇමතුම් එන්නට පටන් ගත්තා. මේ නිසා ඇය එA සියලූ කටයුතු  නවතා බොහොම සාමාන්‍ය චරිතයක් පවත්වාගෙන ගියා˜ යැයි ඔහු පැවසීය. ඹදඡ හි ශිෂ්‍යයෙක් ඔහුගේ  කණ්ඩායමේ ගැහැණු ළමයින් ගැන වූ එවැනිම අත්දැකීම් ඛෙදාගත්තේ ය, —අපි විශ්ව විද්‍යාල තුළ  නායකත්ව භූමිකාවන් භාර ගැනීමට කාන්තාවන් සවිබල ගැන්විය යුතුයි. එහෙම කරන කීප දෙනෙක්  ඉන්නවා, නමුත් ගොඩක් නැහැ. එA ඇයි කියලා මම දන්නේ නැහැ. සමහරවිට ඔවුන්ට බියක් හෝ එසේ  කිරීමට අවශ්‍ය විශ්වාසය නැති බවක් දැනෙනවා වෙන්න පුළුවන්. අපි ඔවුන්ව විශ්ව විද්‍යාලය තුළ  නායකයෝ වෙන්න බලාත්මක කළොත්, දේශපාලනයේදිත් නායකයෝ වෙන්න එයාලට විශ්වාසයක්  දෙන්න අපිට පුළුවන්.˜

ශිෂ්‍යයන් විසින් ඛෙදාගත් මෙම කථාන්දර තුළින් කාන්තාවන්ට නායකත්ව තනතුරු දැරීමට ඇති  සැලකිය යුතු සංස්කෘතික බාධක පිළිබිඹු කරයි. එක් සිසුවෙකුගේ අදහස වූයේ මෙය බොහෝ විට පුරුෂ  ආධිපත්‍යය හා මෙම ක්ෂේත්‍රවල පවතින බලය පිළිබඳ අසමාන ස්ත්‍රී-පුරුෂ ගතිකයන් හේතුවෙන් හට  ගන්නා බවයි. —කාන්තාවන් සහ පිරිමින් එක ම අරමුණක් සඳහා එක ම ස්ථානයක සිටින අවස්ථාවන් හි

දී, පිරිමින් තමන් අධිපති යැයි සිතීමට නැඹුරු වන අතර ඔවුන් විසින් සියලූ ම පාලනයන් සිදු කළ යුතු  යැයි සිතනවා. මට උනත් සමහර වෙලාවට එසේ සිතෙනවා. මෙම මතයන් නිවැරැදි අධ්‍යාපනය හරහා  දුරු කර ගත යුතුයි— යැයි ඔහු විස්තර කළේය. එA හා සමාන ආකාරයකින්, ඹදඡ හි ශිෂ්‍යයෙක් පවසා  සිටියේ, —විශ්ව විද්‍යාල වල කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් සිටිනවා, එම සංඛ්‍යාව පිරිමින්ටත් වඩා  ඉහළයි. වෛද්‍ය, නීතිය වැනි වෘත්තීන් හි ද කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සිටිනවා. දේශපාලනයට  පැමිŒම සඳහා අපි ඔවුන්වත් බලාත්මක කළ යුතුයි. මෙය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනයත් සමඟ  පාසල්වලින් ආරම්භ විය යත්තක්.—

කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා විසඳුම් ගැන විමසූ විට, ඹදක‍ හි සිසුවෙක් පැවසුවේ, —අපට  වැඩිහිටි පරම්පරාවේ මානසිකත්වය වෙනස් කළ හැකි යැයි මම සිතන්නේ නැහැ. එA වෙනුවට අපි  තරුණයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අවුරුදු 30ට අඩු අයට මේ දේවල් කියලා දෙන්න  පුළුවන්. අපි තරුණ කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ඔවුන්ට දේශපාලනය පිළිබඳ  අධ්‍යාපනයක් ලබා දී ඉදිරියට යාමට සහ නායකත්ව භූමිකාවන් භාර ගැනීමට ඔවුන් සවිබල ගැන්විය  යුතුයි. අපි මෙය කුඩා කාලයේ සිට ම කළොත් කාන්තාවන් වැඩි වශයෙන් සහභාගි කරවා ගැනීමට  අපට පුළුවන්.˜ මෙම අදහස සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ අනෙක් අය විසින් ද අපට අසන්නනට  ලැබි‚. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විසින් වඩා හොඳ සහභාගීත්වය සඳහා මෙවලමක් ලෙස  දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය යෝජනා කළහ.

තවත් සිසුවෙකු පැවසුවේ, —මෙය අමාරු වෙයි. නමුත් සමහර විට අපි පළාත් පාලන ආයතන තුළින්  ආරම්භ කළහොත්, වඩා හොඳ අවස්ථාවක් අපිට මේ සඳහා ලැඛෙයි. මම හිතන්නේ කෝටා ක්‍රමය උදව්  වෙයි. පළාත් පාලන ආයතන තුළ එය සාර්ථක වී ඇති බව පෙනෙනවා. නම ුත් සුදුසුකම් සහ පළපුරුද්ද  ඇති කාන්තාවන්ට දේශපාලනයට ඇතුළුවීමට අප ඉඩ ලබාදිය යුතුයි. ගුරුවරියන්, රාජ්‍ය සේවකයන්  හෝ කන්‍යා සොහොයුරියන්/භික්ෂු‚යන් පවා මෙම තනතුරු සඳහා සුදුසුයි. ඔවුන් ප්‍රාදේශීය සභාවකින්  හෝ ග්‍රාම නිලධාරී මට්ටමකින් පටන් ගත්තොත් මම හිතන්නේ එතැනින් ඔවුන්ගේ විෂය පථයන්  ගොඩනගා ගන්න පුළුවන්.˜ කෙසේ වෙතත්, සමහර සිසුන් සඳහන් කළේ කෝටා ක්‍රමය සහ වෙනත්  ආකාරයේ ස්ථීර ක්‍රියා භාවිතා කළ යුත්තේ අතුරු පියවර ලෙස මිස දිගු කාලීන විසඳුම් ලෙස නොවන  බවයි.

ක‍ෑන‍සමඟ පැවති මෙම සාකච්ඡාවල දී, සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ බොහෝ සිසුන් දේශපාලඥයින්  සහ නායකයින් වීමට කාන්තාවන් සවිබල ගැන්විය යුතු ආකාරය පිළිබඳ අදහස් ඛෙදා ගත්හ. කෙසේ  වෙතත්, එසේ කිරීමේ දී කාන්තාවන් මුහුණ දෙන බාධාවන් ගැන අවධානය යොමු නොකෙරුනු තරම්  ය. ඇතැම් ශිෂ්‍යයන් මාධ්‍ය තුළ කාන්තා දේශපාලඥයන් පමණක් මුහුණ දෙන හිරිහැර සහ ඔවුන් වෙත  යොමු කෙරෙන විමර්ශනාත්මක අවධානය පිළිගත්තද්, ඔවුන් කිසිවෙක් දේශපාලන පක්ෂ තුළ  ව්‍යුහාත්මක ප්‍රශ්න සහ පුරුෂාධිපත්‍ය මානසිකත්වය පිළිබඳ අදහස් දැක්වූයේ නැත. කෙසේ වෙතත්  සැලකිය යුතු කරුණ නම්, බොහෝමයක් සිසුන් හොඳින් දැනුවත් ව සිටි අතර ඔවුන්ගේ අදහස් ඛෙදා  ගැනීමට සහ සංවාදයේ යෙදීමට උනන්දු වීමයි